ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අතුළුවීම පිටවීම තහනනම් – සහකාර අධ්‍යක්ෂවරයකුට කොරෝනා

0
191

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු කොරෝනා ආසාදිත බව අද (30) තහවුරු වීමත් සමගම නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයට කිසිවෙකුට ඇතුළුවීම හෝ ඇතුළත දැනට සිටින අයට අවසරයකින් තොරව පිටව යාම හෝ තහනම් කර තිබේ.

පසුගිය දා කොරෝනා ආසාදිත බව හඳුනාගත් එම දෙපාර්තමේන්තූවේ කාර්යාල කාර්ය සහායකවරයා සේවය කර ඇත්තේ මෙම සහකාර අධ්‍යක්ෂවරයාගේ අංශයට අනුයුක්තවය. එම කාර්යාල කාර්ය සහායක වරයා රාජකාරි නොමැති දිනයක දී ද පැමිණ සහකාර අධ්‍යක්ෂවරයා හමුවී ඇතැයි ද දැනගන්නට ඇත.  

මේ වනවිට ඔහුගේ සියලු ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වී සිටින ලෙස දැනුම් දී ඇති අතර ඉදිරියේ දී ඔවුන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ලබාගැනීමට නියමිතය.

කොරෝනා වසංගතය ව්‍යාප්තිය ආරම්භවීමත් සමග ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි පිරිසක් සිය නිවෙස්වල සිට රාජකාරී කළ අතර ඔවුන් කාර්යාලයට පැමිණීම සිදුකෙරුණේ නියමකරන ලද දිනවල දී පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here