ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් කොරෝනා රිංගලා

0
97

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දෙදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (30) තහවුරු වී ඇත.

නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි මෙම අමාත්‍යාංශයේ නිලධාරියකුට හා කාර්යාල කාර්ය සහායකයකු මෙලෙස කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. පසුගිය දිනක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයකු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගත් අතර එම දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ ජනාමාධ්‍ය අමාත්‍යාංශය පිහිටි භූමියේ ම වෙනත් ගොඩනැගිල්ලකය.

අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයන් බොහෝ විට සමීපව ඇසරු කරන බැවින් ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ද කාර්යාල කාර්ය සහායකයන් කිහිප දෙනකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here