කොළඹ PHI ලා දෙන්නෙකුටත් කොරෝනා

0
137

කොළඹ ජිත්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්න් මෙම නිලධාරීන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ  මගින් ඒ බව තහවුරු වූ බවයි.

මෙම නිලධාරීන් දෙදෙනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම ඔවුන් හා සේවය කළ අනෙකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබේ. ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිතය.

සෞඛ්‍ය අංශ පවසන්නේ ජිත්තුපිටිය කොට්ඨාසයේ කටයුතු සඳහා වෙනත් කොට්ඨාසවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොමුකිරීමට සිදුවන බවයි.

(ඡායාරූපය ජිත්තුපිටිය නොවේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here