කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අද (30) උදෑසන මෙලෙස වෙඩි තබාගෙන මියගොස් ඇත්තේ කඩුවෙල ජල්තර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි නිලධාරියෙකි.
ඔහු එම කඳවුරේ අවි ගබඩාව භාරව සිටි බව ද සඳහන් වේ.
මනෝ වෛද්‍යවරුන් පවසන්නේ යම් පුද්ගලයකු මෙලෙස සියදිවි නසාගන්නේ මානසික අවපීඩනය හේතුවෙන් බවයි. එවැනි පුද්ගලයන් දීර්ඝකාලයක් මානසික අවපීඩනයෙන් පසුවන බවත් ඔවුන් හඳුනාගත හැකි බවත් මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. එවැනි පුද්ගලයකු කඩිනමින් මානසික ප්‍රතිකාර සඳහා යොමුකිරීමෙන් මෙවැනි තත්වයන් පහසුවෙන් වළක්වාගැනීමට හැකියාව පවතී.