කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 8,168 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 778 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,53කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,365ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 199
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 149
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 61
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.3
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිිලයන 4.4
- ඇක්සස් ඉංජිනියරින් සමාගම කොටස් මිලියන 2.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 23%
- එස්එන්බී ලීසිං සමාගම 20%
- නේෂන් ලංකා බැංකුව 20%
සංවෘත කවය තුළ කෙටස් ගනුදෙනු වූ සමාගම්
- ප්‍රින්ට් කෙයාර් සමාගමේ කොටස් මිලියන 2ක් රුපියල් 30.00 බැගින්
- ඇක්ස්සස් ඉංජිනියරින් සමාගමේ කොටස් මිලියන 2.5ක් රුපයල් 10.00 බැගින්
- ලංකා අයිඕසී සමාගමේ කොටස් මිලියන 1.7ක් රුපියල් 68.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 168
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 43ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 35ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- වැලිබල් ෆනෑන්ස් සමාගම රුපියල් මිලියන 25
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 10
- ඇස්කොට් සමාගම රුපියල් මිලියන 2.1
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 5.8
- ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 0.9
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ