spot_img
spot_imgspot_img

තෙල් නොදී සෞඛ්‍ය සේවකයන්ට ගහල පන්නයි ද ? ගාල්ලේ ඉන්ධන අර්බුදයක්

පුවත්

විදෙස්

ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හළේ ගැටලුකාරී තත්වයක් මතුව තිබේ.

ඊයේ (19) රාත්‍රී පෙට්‍රල් අවසන්වීම හේතුවෙන් දිගැති පෝළිමක් ඉතිිරිව තිබිය දී ම ඉන්ධන බෙදාහැරීම නතර කෙරිණි. ඒ වනවිට සෞඛ්‍ය සේවකයෝ විශාල පිරිසක් පෝළිමේ රැඳී සිටියහ.

යුද හමුදාව එම අවස්ථාවේ ඔවුන්ට කියා සිටියේ අද (20) සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන නිකුත් නොකරන බවයි. අද දිනය වෙන්කර ඇත්තේ අධිකරණ සහ පොලිස් සේවාවන් සඳහා බව ද හමුදාව දැනුම් දුන්හ.

නමුත් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට 20 වැනි දින වෙන්කර ඇතැයි දිසාපතිවරයා විසින් ඔවුන්ට ලිඛිතව දැනුම් දී තිබේ. (එම ලිපිය පහතින් අමුණා ඇත) ඒ හේතුවෙන් තමන්ට 20 වැනි දා ඉන්ධන අවශ්‍ය බව කියමින් සෞඛ්‍ය සේවකයෝ දිගටම රැය පහන් කරමින් පෝළිමේ රැඳී සිටියහ.

මේ අතර විභාග ඇගයීම් සිදුකරන ගුරුවරුන්ට ද අද (20) ඉන්ධන ලබාදෙන බවට ලිපියක් නිකුත්කර තිබූ අතර යුද හමුදාව දිගින් දිගටම අද උදෑසන සිට කියා සිටියේ අධිකරණ සේවාවන්හි පිරිස්වලට සහ පොලිසියට පමණක් කොටුව පිරවුම්හළෙන් ඉන්ධන නිකුත් කරන බවයි.

“අපිට ඉහළිින් නියෝගයක් ලැබුණා හෙල්ත් කට්ටිය ගහල පන්නන්න කියලා” යැයි ද එහි සිටින යුද හමුදා නිලධාරියකු කියූ බව එම මොහොත වාර්තා කිරීමට ගොස් සිටි අපගේ මාධ්‍යවේදීහු කියති. නමුත් යුද හමුදාව එවැන්නක් කළේ නැත. ගැටුමක් ඇති නොවන ආකාරයෙන් හැකිතාක් ප්‍රශ්නය බේරුම්කිරීමට ඔවුහු හැකිතාක් උත්සාහ ගත්හ.

උදෑසන 10.00ට පමණ පෙට්‍රල් බවුසරයක් ගාල්ලේ කොටුව ඉන්ධන පිරවුම්හළට පැමිණි අතර සාමාන්‍ය පෙළ විභාග ඇගයීම් සඳහා යන ගුරුවරු 05 දෙනකුට ඉන්ධන ලබා දී සෞඛ්‍ය සේවකයන් 01 අයකුට ඉන්ධන ලබාදීමේ අනුපිළිවෙල යටතේ ඉන්ධන නිකුත් කිරීමට සියලු දෙනා ම එකඟ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!