spot_img
spot_imgspot_img

සහල් මිල පාලනය කොළ කෑල්ලකට සීමා වෙයි. අධි මිලට විකිණෙයි

පුවත්

විදෙස්

දේශීය සහල් සඳහා පාලන මිලක් නියමකර තිබුණ ද මේ වනවිට කිසිම වෙළෙඳ සැළක එම පාලන මිලට සහල් මිල දී ගැනීමට නැත.

rata.lk අපි සතොස අළෙවි සැල් කිහිපයක ම පරීක්ෂා කළ විට එම අළෙවි සැල්වල දේශීය රතු කැකුළු හෝ සුදු කැකුළු අළෙවියට නැත.

ගාල්ල නගරය ආසන්න සහල් තොග බෙදා හැරීමේ මධ්‍යස්ථානයක දේශීය කැකුළු හාල් කිලෝ ග්‍රෑමයක් අළෙවි වන්නේ රුපියල් 270.00ක් වැනි මුදලකටය. වී කොටන මෝලකට ගොස් සහල් මිල දී ගැනීමට හැකි අවම මුදල වන්නේ රුපියල් 263.00ක්. පොළොන්නරුවේ දේශීය හාල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 265.00ක් වන අතර ගාල්ල නගරයේ දේශීය සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 280.00කි. වදුරඹ නගරයේ එය රුපියල් 270.0ක් වන අතර දෙනියාය ප්‍රදේශයේ සහල් කිලෝ ග්‍රෑමයක් අළෙවි වන්නේ රුපියල් 280.00ක මුදලකටය.

රජය ඊයේ රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයකින් දේශීය සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210.00ක් ලෙස ප්‍රකාශයට පත්කළ ද වෙළෙන්දන් පවසන්‍නේ තමන්ට සහල් තොග ලැබෙන මිල ද රුපියල් 270.00ක් වන බැවින් එවැනි මුදලකට අළෙවි කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!