අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට මැති ඇමැතිවරු පිරිසක් තීරණය කර ඇත.
ඔවුන් පවසන්නේ පසුගිය 09 වැනි දා සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් තම නිවාස සහ දේපළ ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුවේ යැයි විශ්වාසයක් නොමැති බවයි.
හිටපු වරාය හා නාවික ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාධ්‍යවෙත පවසන්නේ මැති ඇමතිවරුන් අසූවකගේ පමණ දේපළ විනාශ කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් මෙතෙක් ඉටු නොවූ බවයි. මේ ගැන තානාපති කාර්යාල පවා දැනුම්වත් කිරිමට තමන් ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව ද හෙතෙම පැවසීය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ආණ්ඩු බලය ලබාගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ජිනීවා මානව හිමිකම් කොමිසම දැඩි ලෙස විවේචනය කළේය. එය අධිරාජ්‍යවාදී බළල් අතක් බවත් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම් කරන බවත්, අපේ ප්‍රශ්න අපි විසඳාගත යුතු බවත් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරයේ ප්‍රධාන සටන්පාඨ අතර විය.