spot_img
spot_imgspot_img

විදුලි බිල 250%කින් වැඩි වෙයි ?

පුවත්

විදෙස්

විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 250%කින් ඉහළ දැමීමට සිදුව ඇතැයි එහි සභාපති එම්.එන්.සී.ෆර්ඩිනැන්ඩු පවසයි.

ඔහු පවසන්නේ විදුලි බල මණ්ඩලයේ මාසික ආදායම රුපියල් බිලියන 277ක් පමණ වුව ද වියදම රුපියල් බිලියන 755ක් බවයි.

නමුත් මේ පාඩුව පියවා ගැනීමට අවශ්‍යතරම් ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දමන්නේ නම් එය ජනතාවට එකවර දැරිය නොහැකි මුදලක් වන බැවින් සාධාරණ මුදලකින් එය ඉහළ දැමීමට සිදුවන බව පවසයි.

2014 වර්ෂයෙන් පසු විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුකර නැත.

විදුලි බිල් කඩිනමින් ඉහළ නොදමන්නේ නම් ඉදිරියේ දී සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා නොහැකිවනු ඇතැයි ද සභාපතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!