spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයන්ට විදෙස් රැකියා අවස්ථා

පුවත්

විදෙස්

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට හැකි ආකාරයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි විදේශ සේවා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඇමතිවරයා පවසන්නේ විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂාකරන රාජ්‍ය සේවකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව මේ වනවිට ලබා දී ඇති බවයි. එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ  තොරතුරු ඇතුළත්කිරීමෙන් ඒ සඳහා ලියාපදිංචිවන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීමේ කඩිනම් සහ ස්ථිර වැඩසටහනක් ලෙස මෙය ආරම්භ කර ඇත.

මනූෂ නානායක්කාර ඇමතිවරයා පවසන්නේ රාජ්‍ය සේවකයකු විදේශ රැකියාවකට ගිය ද ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට බාධාවක් නොවන බවයි. එ සඳහා අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම සඳහා දැනටමත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුත සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!