spot_img
spot_imgspot_img

බෙනස් සමාගම විකුණූ වාහන යළි කැඳවයි

පුවත්

විදෙස්

ලෝක‍යේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මර්සිඩීස් බෙන්ස් සමාගම අළෙවි කරන ලද මෝටර් රථ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගම පවසන්නේ තිරිංග පද්ධතියේ ඇති දෝෂයක් හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි. “තිරිංග පද්ධතියේ මළ බැඳීමක්” වාර්තා වන බැවින් එය නිෂ්පාදන දෝෂයක් බව තහවුරු වීම නිසා මෙලෙස විකුණූ මෝටර් රථ නැවත කැඳවීමට සමාගම තීරනය කර ඇත.

මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ 2004 – 2015 අතර කාලයේ දී නිෂ්පාදනය කරන ලද ML සහ GL කාණ්ඩයට අයත් රථ SUV රථ සහ R කාණ්ඩයට අයත් සුඛෝපභෝගී කුඩා වෑන් රථ තොගයකි.

මීට පෙර 2021 වර්ෂයේ දී ද වෙනත් කාර්මික දෝෂයක් හේතුවෙන් මර්සිඩීස් බෙන්ස් සමාගම මෙවැනි ම වාහන තොගයක් ආපසු කැඳවා තිබිණි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!