spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ ප‍ොළ අද තත්වය

පුවත්

විදෙස්

රම්බොඩ ෆෝල්ස් හෝටල් සමාගමේ කොළඹ කොටස් වෙළෙඳ පොළට නිකුත් කර තිබූ කොටස් අතුරින් 52%ක ප්‍රමාණයක්  එහි කොටස් හිමිකරුවන් දෙදෙනකු වන එල්.එච්.සිගේරා සහ අයි.ජේ.ඒ.කරුණාරත්න විසින් එක් කොටසක් රුපියල් 26.80ක මුදලකට විකුණා ඇති අතර රේ.ජේ.කින්ලින් නමැති විදේශිකයකු විසින් එය මිල දී ගෙන තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (02) දිනයේ ගනුදෙනු 12,607 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,440 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 34කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,099ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • රම්බොඩ ෆෝල්ස් සමාගම රුපියල් මිලියන 292
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 161
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 137

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • රම්බොඩ ෆෝල්ස් සමාගම කොටස් මිලියන 11
  • ඩයලොග් ආසියාට සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රම්බොඩ ෆෝල්ස් සමාගම 53%
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
  • උඩුපුස්සැල්ලාව සමාගම 31%

සංවෘත කවය

මෙල්ස්ටා කෙප් සමාගම කොටස් ලක්ෂ 15 රුපියල් 43.00 බැගින්

කොමර්ෂල් කොටස් ලක්ෂ 760,000ක් රුපියල් 54.00 බැගින්

රම්බොඩ ෆෝල්ස් හෝටලය කොටස් මිලියන 10.4ක් රුපියල් 26.80 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 418
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 285
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 175

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 390ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 204කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 186ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රම්බොඩ ෆෝල්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 278
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 41
  • කාසන් කම්බැක්ට් සමාගම රුපියල් මිලියන 1.5

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොම්  සමාගම රුපියල් මිලියන 62
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 56
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 14

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!