spot_img
spot_imgspot_img

ජොන්ස්ටන් සැකකරුවකු යැයි අධිකරණයට දැනුම් දෙයි

පුවත්

විදෙස්

සාමකාමි උද්ඝෝෂකයන්ට පසුගිය මැයි (09) වැනි දා මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවකු යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන් ම කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම සහ තවත් දෙදෙනකු ද සැකකරුවන් ලෙස නම්කර ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මේ බව අධිකරණයට කියා සිටියාය.

පසුගිය මැයි 24 වැනි දා ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී නික්ම ගිය අතර එම අවස්ථාවේ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍ේම්නතුව ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වෙමින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලා සිටියහ.

නමුත් එදා අපරාධ පරීක්කෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!