ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි අරගලකරුවන්ට පහරදුන් පිිරිස එහි පැමීණීම වැළැක්වීමට උත්සාහ නොකරන ලෙස උපදෙස් දී ඇත්තේ කවුරුන්ද යන්න සොයාබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ජංගම දරකථනයේ දත්ත විශ්ලේෂණය කරන බව වාර්තා වේ.
පසුගිය 09 වැනි දා අරලියගහ මන්දිරයෙන් පිටතට ආ පරිස් අරගලකරුවන්ට පහරදීම වළක්වන්න යැයි ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන්ට උපදේස දී තිබිය දී වෙනත් පාර්ශවයකින් එසේ නොකරන්න යැයි උපදෙස් දී තිබූ බව ප්‍රකාශ විය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ ද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේය.
මේ වනවිට රහස් පොලිසිය දේශබන්දු තෙන්නකෝන්ගේ ජංගම දුරකථනය ඔවුන් භාරයට ගෙන එහි දත්ත ලබාගෙන තිබේ. ඒ අනුව සිද්ධිය වූ දිනයේ අදාල උපදෙස් දුන් පුද්ගලයන් පිළිිබඳ දුරකථන දත්ත විශ්ලේෂණයෙන් තොරතුරු සනාථ කරගැනීමට පරීක්ෂණ පැවැත්වේ.