spot_img
spot_imgspot_img

ගාල්ලේ ගංඟා දෙගොඩතලා යයි ?

පුවත්

විදෙස්

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය පුරාම දැඩි වර්ෂාපතනයක් ඇති වෙමින් පවතී.

අද (31) ගත වූ 24 දී දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ යක්කලමුල්ල ප්‍රදේශයෙනි. එම ප්‍රමාණය මිලිමීටර 192ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.

මේ හේතුවෙන් යක්කලමුල්ල සහ ඒ අවට ප්‍රදේශයේ පහත් බිම් සියල්ල ජලයෙන් යට වී ඇති අතර යක්කලමුල්ල නගරය මැදින් ගලා බසින පොල්අතුමෝදර ගංඟාවේ ජල මට්ටමට ළඟා වී ඇත.

තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර තර්ජනයක් ඇතිවීමට ඉඩ තිබේ.

නෙළුව, ලංකාගම, හිනිදුම, තවලම ආදී ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට අඛණ්ඩව ලැබුණු අධික වර්ෂාව තවමත් නොනැවතී පවතින අතර මේ වනවිට ගිං ග‍ඟේ ජල මට්ටම ද වේගයෙන් ඉහළ යමින් පවතී.

 නෙළුව දෙල්ලව මාර්ගය මේ වනවිට ජලයෙන් යටී ඇති අතර තවලම ප්‍රදේශයේ පහත්බිම් සියල්ල ජලයෙන් යට වී තවලම අකුරැස්ස මාර්ගය ද ජලයෙන් යටවී තිබේ.

තවලම ජල මාපකයේ අද (31) පෙරවරු 11.07ට ගිං ගඟ ජල මට්ටම සටහන් වූයේ මීටර 5.2ක් ලෙසිනි. තවමලම ජල මාපකය අනුව ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටම මීටර 4.00කි. ඒ අනුව මේ වනවිට තවමලම ප්‍රදේශයෙන් ගිං ගඟ අනතුරු ඇඟවීමේ මට්ටම ඉක්මවූ ජල කඳක් සහිතව ගලා බසියි. එහි සුළු ගංවතුර මට්ටම ලෙස දැක්වෙන්නේ මීටර 06කි.

බද්දේගම ජල මාපකයේ ගංවතුර අනතුරු ඇඟවීමේ ජල මට්ටම මීටර 3.5කි. දැනට එම මට්ටම ඉක්මවා මීටර 3.6ක් උසට ජලය ගලා බසී. එහි සුළු ගංවතුර මට්ටම මිටර 4.0කි.

මේ අනුව ඉදිරියේ දී තවදුරටත් වැසි ඇතිවුවහොත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ගංවතුර තර්ජනයක් ඇතිවීමට ඉඩ තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපය පුරා ම ගාල්ල දස්ත්‍රික්කයටත් මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!