spot_img
spot_imgspot_img

දුම්රිය ආපනශාලාව කළ, කතක් මරා රන් භාණ්ඩ පැහැරගෙන

පුවත්

විදෙස්

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් කරගෙන ගිය කාන්තාවක් ඝාතනය කර ඇය සතුව තිබූ රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කොළඹ මාළිගාවත්තේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

ඇය තම 10 හැවිරිදි පුත්‍රයා සමඟ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ඇති ආපනශාලාවේ නිදා සිටිය දී 29 වැනි දා රාත්‍රී ඝාතනය සිදුකර ඇති බවයි.

ඇය සන්තකයේ තිබූ රන්මාල 03ක්, රන් මුදු 03ක් සහ ජංගම දුරකථන 02ක් ද කොල්ල කා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනයෙන් පසු එම ආපනශාලාවේ සේවකයන් තිදෙනකු අතුරුදන්ව ඇති බැවින් ඔවුන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!