spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (27) දිනයේ ගනුදෙනු 13,090 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,394 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,231ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 404
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 156
  • හැටන් නැෂනල් බැංකු රුපියල් මිලියන 122

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 55
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 38
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩයලොග් ෆිනෑන්ස් සමාගම 23%
  • සෙරන්ඩිබ් හොටෙල් සමාගම (X) 16%
  • නේෂන් ලංකා සමාගම 14%

සංවෘත කවය

හැටන් නැෂනල් බැංකුව කොටස් 1,543,000ක් රුපියල් 78.00 බැගින් ගනුදෙනු විය

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 435
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 298
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 182

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 152ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 60කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 92ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 121
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියිල් මිලියන 3.4
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 03
  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම රුපියල් මිලියන 1.8

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම රුපියල් මිලියන 31
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 10
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 03
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 2.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් 387,000

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!