ගාල්ල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණු නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කේ.එම්.ඩේවිඩ් කළුරිය කළේය.
මියයන විට 82 වැනි වියේ පසු වූ ඔහු එක්දරු පියෙකි.
ගාල්ල නගරය ආසන්න, මාගාල්ලේ, පඩව්තොට ගම්මානයේ උපතලැබූ හෙතෙම පඩව්තොට ශ්‍රී ධර්මාරාම බෞද්ධ මිශ්‍ර ජ්‍යෙෂ්ඨ පාඨශාලාවෙන් අධ්‍යාපනය ලබා ඇත.
තරුණ කාලයේ සිට ම සමාජ සේවා කටයුතුවලට යොමුව සිටි ඩේවිඩ් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වසර 25කට වැඩි කාලයක් සේවය කළේය.
තරුණ කාලයේ දී ම මහජන එක්සත් පෙරමුණට එක්ව දේශපාලන හා සමාජ ක්‍රියාකාරියකු ලෙස කටයුතු කළ ඔහු 1997 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා ගාල්ල මහා නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා ද වූයේය.
මියයනතුරුම සමාජ සේවා කටයුතුවලින් ඈත් නොවුණු හෙතෙම ගාල්ල රිචඩ් පතිරණ මහජන පුස්තකාලය සංවර්ධනය සඳහා අනූපමේය සේවයක් කළ තැනැත්තෙකි. අඛණ්ඩව වසර ගණනාවක් පුස්තකාල කමිටුවේ ප්‍රභූ සාමාජිකයකු ලෙස කටයුතු කළ ඔහු ඒ වෙනුවෙන් සිය ශ්‍රමය හා කාලය කැප කළේය.
ගාල්ල පිළිබඳ ඉතාමත් වටිනා තොරතුරු රැසක් එක්රැස කරමින් “ගාල්ල ගැන දත් දේ සහ නොදත් දේ” නමින් ග්‍රන්ථයක් රචනා කළ ඩේවිඩ් පොත් කිහිපයක සම සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
ඩේවිඩ් එක් පුතකුගේ පියෙකි. ඔහුගේ පුතු සුපුන් දේශප්‍රේම මේ වනවිට ඉන්දියාවෙව් චෙන්නායිහි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එමෙන් ම සුපුන් මෙරට සත්ව විද්‍යා පර්යේෂකයකු ලෙස ද කටයුතු කරන අතර සත්ව විද්‍යා ක්ෂේත්‍රයේ ග්‍රන්ථ රැසකට ද දායක වූ පර්යේෂකයෙකි.
ඔහුගේ දේහය අද (29) සවස 2.00ට ගාල්ල මහ නගර සභාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරන අතර සවස 4.00ට දඩල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයතුු කිරීමට නියමිතය.