spot_img
spot_imgspot_img

සෝබන පරිසර ප්‍රේමීයෝ, ශ්‍රී පාද අඩවිය වනසති

පුවත්

විදෙස්

පරිසරය සුරැකීම මෝස්තරයක් කරගත්, පරිසරයවේදීන්යැයි කියා ගත් පරිසර පද්ධති ගැන කිසිදු දැනුමක් නැති පිරිසක් විසින් මෙරට ඉතාත් සංවේදී පරිසර පද්ධතියක් වූ ශ්‍රී පාද රක්ෂිතයට හානි කර තිබේ.

පරිසරය පිළිබඳ දැනුමක් හෝ අවබෝධයක් නැතිව රැල්ලට පරිසරය සුරකින්නට යැයි පෙළඹෙන මෙවැනි කණ්ඩායම් වසර කිහිපයක සිට ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතව සිදුකරන විවිධ පාරිසරික ව්‍යාපෘති හේතුවෙන් එම පරිසර පද්ධතිය ආරක්ෂාවීමට වඩා විනාශවීම වේගවත් වී ඇත.

ඔවුන් විනාශ කරන්නේ අප රටේ ඉතාමත් වටිනා ජෛව විවිධත්වයයි.

ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිතව වගාකරන මෙරට ස්වභාවික පරිසර පද්ධතිවල දක්නට නොමැති Dendrobium crumenatum නමැති “පරෙවි මල්” යනුවෙන් ප්‍රසිද්ධව ඇති ඕකීඩ් වි‍ශේෂයක් කිසියම් පිරිසක් විසින් ශ්‍රී පාද රක්ෂිතයේ තැන තැන පිහිටි ගස්වල එල්ලා තිබේ.

එම පරිසර පද්ධතියට ආගන්තුක මෙරට දේශීය විශේෂයක් වුව ද එහි ගෙනගොස් මෙලෙස තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් සේම නැවත ආපසු හැරවිය නොහැකි විශාල පරිසර හානියකි. ඒ බව නොදන්නා මේ ඊනියා පරිසර ආරක්ෂකයන් කණ්ඩායම ආගන්තුක ඕකීඩ් විශේෂය සවිකර ඇත්තේ ප්ලාස්ටික් කෝප්ප සහ දිරා නොයන නූල් වර්ගයක් භාවිතා කරමිනි. ඔවුන් සැබැවින් ම පරිසරයට ආදරය කරන්න් නම් මෙලෙස ප්ලාස්ටික් සහ දිරා නොයන නූල් ශ්‍රී පාද අඩවියට එකතු කළ නොහැක

මෙවැනි ඔල මොට්ටල ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙසත් මේ ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්ෂණකයන් ලෙස සමාජ මාධ්‍යවල වීරයන් වීමට තැත්කරන අයට එරෙහිව පාරිසරික නීතිය අනුව කටයුතු කරන ලෙසත් පරිසරයට සැබැවින් ම ඇළුම්කරන පිරිස් ඉල්ලා සිටිති.

ශ්‍රී පාද අඩවිය පරිසර පද්ධතියේ ඕනෑ තරම් උඩවැඩියා විශේෂ වාර්තා වෙයි. ඒ නිසා වෙනත් තැන්වලින් ඕකීඩ් වර්ග එහි ගෙනගොස් දැමිය යුතු නැත. අවශ්‍ය වන්නේ මේ වටිනා අපූරු පරිසර පද්ධතියට ආගන්තුක කිසිම දෙයක් එකතු නොකිරීම සහ එහි ඇති කිසිවක් රැගෙන නොයාමයි. එය තේරුම් නොගන්නා කිසිවෙකු කොතරම් උත්සාහ ගත්ත ද පරිසර ප්‍රේමියකු වන්නේ නැත. ඔවුන් පරිසරය වනසන අපරාධකරුවන් ම පමණි

ඡායාරූප – Anusha Gayan Atthanagoda

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!