” MCC එකක් විතරයි. චීනය අපිට වඩා වෙනස්” – පොම්පියෝ කියයි

0
153

ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. ඒ සඳහා රාජ්‍ය ලේකම් පොම්පියෝ සමග විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහභාගී වූයේය.

පොම්පියෝ කියා සිටියේ මෙම සංචාරයේ දී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, වෙළෙඳාම හා ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

“ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටක් ලෙස අපිට තිබෙන්නේ එක හා සමාන දැක්මක්. චීනයට ඇත්තේ වෙනස් දැක්මක්.” පොම්පියෝ කීවේය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ ශ්‍රී ලංකාව සැම විට ම නොබැඳි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. 

මේ අතර රූපවාහිනී නිවේදිකාවක සමඟ සාකච්ඡාවකට එක්වූ රාජ්‍ය ලේම්වරයා කිය සිටියේ එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණය ශ්‍රී ලංකාව සතු බවයි. එය ශ්‍රී ලංකාවට පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකක් පමණක් බවත් කී ඔහු එය නොගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් පිළිනොගෙන සිටීම ශ්‍රී ලංකාවේ කාර්යයක් බවත් හෙතෙම කීවේය. දෙරට අතර සම්බන්ධතාව එක් ගනුදෙනුවකට වඩා එහා ගිය ගැඹුරු හා ශක්තිමත් එකක් බව ද පොම්පියෝ පැවසුවේය.

“ ඇමෙරිකාව නිතරම ඉදිරිපත් කරන්නේ සමාගම්, පුද්ලික ආයෝජන, හවුල්කාරීත්වය සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායක් හෝ සමාගම් සමග එන්නේ නෑ. අපි ණය යෝජනා සමඟ අපි එන්නේ නැහැ. ඒ ණය ගෙවන්න අමාරුයි. අපි එවැනි ණය යෝජනා භාවිතා කරලා රජයන්ට යම් යම් දේ කරන්න බලපෑම් කරන්නේ නෑ, මේ දෙක එකිනෙකට වෙනස්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස. අනෙක කුරිරු ඒකාධිපති ක්‍රමයක්.”

ශ්‍රී ලංකා සංචාරය අවසන් කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස මාලදිවයින බලා පිටත්ව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here