spot_img
spot_imgspot_img

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරයි

පුවත්

විදෙස්

ඉහළ යන ජීවන වියදම හේතුවෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (26) දැනුම් දී තිබේ.

මේ වනවිට උද්ධමනය 50% ආසන්නයට පැමිණ ඇති බැවින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය පමණක් නොව පුද්ගලික අංශයේ ද දැනට ලැබෙන වැටුප ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නැත.

මේ කරුණු සැළකිල්ලට ගනිමින් තවත් සති 06ක් ගතවීමට පෙර ඉදිරිපත්කරනු ලබන අන්තර්කාලීන අයවැයෙන් සියලු රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මෙලෙස උපදෙස් දී තිබේ. අයවැය සකස්කරන නිලධාරීන්ට ඒ උපදෙස දී ඇත.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගිය දිනවල කියා සිටියේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නොමැති බැවින් මුදල් මුද්‍රණය කරන බවයි. එසේ වුව ද උද්දමනය තවත් වැඩිවන බව ද හෙතෙම කීවේය. මීට පෙර බංකොලොත්වූ රාජ්‍යයන්වල ද මෙලෙසම උද්දමනය ඉහළ යද්දී මුදල් අච්චුගසා වැටුප් ලබාදීම සිදුකෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!