spot_img
spot_imgspot_img

හයිලෙවල් පාර කුරුඳුවත්තෙන් වසා දමද්දී අධිකරණය පොලිසියට කී දේ

පුවත්

විදෙස්

කොළඹ පැවැත්වෙන උද්ඝෙගා්ෂණයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය කරුඳුවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇත. සාමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට සහ පුද්ගලික පදිංචිකරුවන්ට මෙම උද්ඝෝෂණය හිරිහැරයක් වන බැවින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය අධිකරණනයෙන් අද (26) කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලවල ප්‍රතික්ෂේප කළේය.

සාමකාමී විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් කළ නොහැකි බවත්, කෙසේ වෙතත් අපොස සාමාන්‍ය පෙළ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ මහජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයේ උද්ඝෝෂණ වැලැක්වීමට පොලිසියට බලතල ඇතැයි ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනයට විරෝධය දක්වමින් අද (26) දහවල් පිරිසක් මෙම උද්ඝෝෂණය ආරම්භ කළහ. කොළඹ මල් පාරේ පැමිණ අගමැති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යාමට උත්සාහගත් එම පිරිසි පොලිසිය විසින් නවත්වන ලද්දේ ඒ ආසන්නයේ පාසල්වල සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ගේ විභාගයට එය බාධාවක් බන බව පවසමිනි.

ඉන් අනතුරුව මාර්ගය අවහිර කරමින් සිටි ඔවුන් පා ගමනින් අගමැතිවරයාගේ පුද්ගලික නිවස අසළට පැමිණ එම ස්ථානයේ හයිලෙවල් මාර්ගය වසාගෙන සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!