spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මහා පරිමාන වංචාවක්. දේශපාලකයන්ට දොළ පිදේනි දී ගසා කෑමක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව “රකෂණ මන්දිරය” නමැති තට්ටු 14කින් යුතු දැවැන්ත කාර්යාල සංකීර්ණයක් තිබිය දී පුද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යාමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
රක්ෂණ මන්දිරයේ 10 වැනි මහලේ දැනට් ස්ථාපිත කර ඇති ශාඛා 07ක් කොළඹ 08, කිංසි පාරේ, ‍අංක 125 ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලකට ගෙන යාමට නියමිතය.
විශේෂත්වය වන්නේ මෙලස කාර්යාලය ගෙනයාමට කටයුතු කරන ගෙඩනැගිල්ල දේශපාලන පවුලකට සම්බන්ධ ස්ථානයක් වීමයි. එම පවුලේ පියා හිටපු අමාත්‍යවරයෙකි. පුතා ද පසුගිය දිනවල ඇමතිධූරයකට පත්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. මව හිටපු ආණ්ඩුකාරවරියකි.
මේ පවුලට අයත් ගොඩනැගිල්ල වසර 05කට අධික කාලයක් තිස්සේ බදු දීමට දැන්වීම පළ කර තිබුණ ද එය කිසිවෙකු බදු දීමට නොහැකි වීම හේතුවෙන් වසා දමා තිබිණි. දැන් ඒ ගොඩනැගිල්ල බදු ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු යොදා තිබේ.
රක්ෂණ සංස්ථාව පවතින “රක්ෂණ මන්දිරය” ගොඩනැගල්ල එම ආයතනය වෙනුවෙන් ම 1961 වර්ෂයේ දී ඉදිකරන ලද්දකි. එහිි 06 වැනි මහල විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොටසක් සඳහා ලබා දි තිබූ අතර මේ වනවිට එම මහල හිස්ව පවතී. 10 වැනි මහළ ද වෙනත් කාර්යාලයකට බදු දී දැන් හිස්ව ඇත. ඒ අනුව මහල් දෙකක් හිස්ව තිබිය දී 04 වැනි මහලේ ඇති කාර්යාලවලින් කොටසක් වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමට කිසිදු සාධාරණ හේතුවක් නැත.
රක්ෂණ සංස්ථාව මේ නව ගොඩනැගිලි පරිශ්‍රයකට යාමට සූදානම් වන්නේ රජයේ වියදම් අඩුකිරීමේ ප්‍රතිපත්තිය මත ආර්ථික අර්බුදය අවසන් වනතුරු වෙනත් නව ගොඩනැගිලි සහ කාර්යාල පරිශ්‍ර සඳහා ආයතන මාරුකිරීම් නොකරන්න යැයි මුදල් අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබිය දී ඒවා තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි.
අපට අනාවරණය වන කරුණු අනුව 10 වැනි මහලේ රක්ෂණ සංස්ථාවේ මෙට්‍රෝ රීජන් නම් කොටසේ ශාකා 07ක් තිබේ. එහි කළමනාකාරවරු 12 දෙනෙකි. ඒ General අංශයේ 07 දෙනෙක් සහ Life අංශයේ 05 දෙනෙක් වශයෙනි. තවත් විධායක නිලධාරීන් විශාල පිරිසක් එහි සේවය කරති.
කිංසි පාරේ අංක 125 දේශපාලන පවුලේ ගොඩනැගිල්ලට මේ සියලු සේවකයන් යොමුකළ නොහැකියැයි රක්ෂණ සංස්ථාවේ ම සේවක සේවිකාවෝ චෝදනා කරති. 125 ගොඩනැගිල්ලේ නැවැත්විය හැක්කේ වාහන 04ක් පමණි. අනෙක් වාහන නැවැත්වීමට ඒ ගොඩනැගිල්ලේ පමණක් නොව අවට කිසිම තැනක ඉඩක් නැත. කළමනාකරුවන් සඳහා ද එම ගොඩනැගිල්ලේ ප්‍රමාණවත් ඉඩක නැත. ඉදිරිපිට ඇති මාර්ගයේ දී වාහන ධාවනය කළ හැකි වන්නේ එක් පසෙකට පමණි. පාර අයිනේ වාහනයක් නතර කළ විගස බොරැල්ල පොලිසියෙන් දඩ කොලයක් ලැබේ.
රක්ෂණ මන්දිරයේ එක මහළක් හිස්ව තිබිය දී මෙලෙස තවත් මහලක් හිස්කර එය දේශපාලන පවුලක ගොඩනැගිල්ලකට ගෙන යන්නේ දේශපාලන පවුලට හම්බකර දීම පමණක් නොව එයින් කොමිස් ගැනීමට සිටින නිලධාරීන්ගේ වුවමනාවට බව ද රක්ෂණ සංස්ථාවේ සේවකයෝ චෝදනා කරති.
මේ ගනුදෙනුව මිලියන ගණනක ගනු දෙනුවකි. ඒ සඳහා තැන්පත් මිදලම කෝටි ගණනකි.
රට ආර්ථික අර්බුදයක ගිලී රටේම ජනතාව දුක්විදිද්දී දේශපාලන හයියෙන් පැමිණි සභාපතිලා ඇතුළු නිලධාරීන් දේශපාලකයන් ද සමඟ එක්ව මහජන මුදල් ගසාකන ආකාරයයි මේ.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ලිට්‍රෝ සමාගමේ සභබාපතිවරයා ලෙස ද කටයුතු කරන විජිත් හේරත්ය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීලෙස කටයුතු කරන චන්දන අලුත්ගම වෙතින් මේ පිළිබඳ විමසීමට අපි ඔහු දුරක්ථනයෙන් සම්බන්ධ කරගත්තෙමු.
බොරැල්ලේ නව ගොඩනැගිල්ලකට රක්ෂණ සංස්ථාවේ කෙටසක් ගෙන යනවා නේදැයි විමසූ විට ඔහු කියා සිටියේ බොරැල්ලේ ගොඩනැගිල්ලකට ගෙන යන්නේ නැති බවයි. නමුත් කිංසි පාරේ අංක 125 ලිපිනයට ගෙන යනවා නේදැයි විමසූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළෙල් නැත. මේ සම්න්ධයෙන් අපි විස්තර විමසන විට ඔහු කියා සිටියේ “මම දන්නේ නෑ ඔයා මාධ්‍යවේදියෙක් ද කියලා. ඒ නිසා ඔයාගේ ආයතනයෙන් අපිට ෆැක්ස් එකක් එවන්න. එත‍කොට මම ඒක අදාල අංශවලට යොමුකරලා පිළිතුරක් ලබා දෙන්නම්” යනුවෙනි.

ඔහුගේ විද්‍යුත් තැපැල් ලිපිනයට අපි පහත සඳහන් ප්‍රශ්න යොමු කළෙමු.
ඊට පිළිතුරු ලැබුණු පසු මේ ගැන තවදුරටත් විස්තර ඉදිරිපත් කිරීමට අපි rata.lk කටයුතු කරන බව ද පාඨක ඔබට දන්වා සිටිමි.

  1. රක්ෂණ මන්දිරයේ 10 වැනි මහලේ ඇති මෙට්‍රෝ රීජන් නමැති ඒකකය, නො 125, කිංසි පාර, බොරැල්ල ලිපිනයේ ඇති ගොඩනැගිල්ලකට ගෙන යන බව සත්‍යයක් ද ?
  2. එසේ ඒකකය ගෙන යන්නේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ද නැතිනම් වෙනත් හේතුවක් නිසාද ?
  3. රක්ෂණ මන්දිරයේ 04 වැනි මහල සහ 06 වැනි මහල මේ දක්වා හිස්ව තිබෙන බව ‍ඔබ නොදන්නේද ?
  4. රජයේ වියදම් සීමාකිරීමට අවශ්‍ය බැවින් නව ගොඩනැගිලි මිලදී ගැනීම, බදු ගැනීම, අලුත් කාර්යාල පරිශ්‍රයන් වෙත මාරු වීම යන කාර්යයන් ඉටු නොකරන්න යැයි මුදල් අමාත්‍යාංශය මගින් උපදෙස් ලබා දී ඇති බව ඔබ නොදන්නේ ද ?
    5.තෝරාගෙන ඇති නව ගොඩනැගිලි පරිශ්‍රය සඳහා මාසික කුලිය කොපමණ ද ? තැන්පත් මුදල කොපමණ ද ? ගිවිසුම් කාලය කොපමණ ද ?
    6 . එම ගොඩනැගිල්ල අයත් සමාගම හෝ හිමිකරුගේ නම කුමක් ද ?
  5. මෙම ගොඩනැගිල්ලට කාර්යාල පරිශ්‍රය ගෙන යාම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර ඇත්ද ?
  6. එසේනම් එ බව සඳහන් පුවත්පත් දැන්වීම් කවර පුවත්පතක කවර දිනයක ප්‍රකාශයට පත්කර ඇත්ද ?
  7. ඒ සඳහා ප්‍රසම්පාදන කමිටුවක් පත්කර ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර තිබේ ද ?
  8. ගොඩනැගිල්ල තෝරාගැනීමේ දී අනුගමනය කළ පිලිවිතරයන් කවරේ ද ?
  9. මෙම නව ගොඩනැගිලි පරිශ්‍රයේ ඇත්තේ රථවාහන 04ක් නැවැත්වීමේ පහසුකම් පමණක් බව ඔබ දන්නේද? එසේ දන්නේනම් එය ප්‍රමාණවත් යැයි ඔබ විශ්වාස කරනවාද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!