කොළඹ දී සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගෙන ආපසු යැවීම හේතුවෙන් අද දැඩි උණුසුම් තත්වයක් මතුවිය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවෙව් සිට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කරමින් පිරිසක් CID කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියහ.
පසුගිය 09 වැනි දා මැර ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි හෝ වෙනත් පිළිගත හැකි සාක්ෂි ඇත්නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ විමර්ශන අංශයට උපදෙස් දී තිබිණි. එදින අගමැති නිල නිවසට පැමිණි පිරිස අමතා කතාකළ හිටපු අමාත්‍යවරයා එහි සිටි භික්ෂූන්ගෙන් ද අවසර ගෙන පිරිස පහරදීම සඳහා පොළඹවන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යතුළ හුවමාරු වෙමින් තිබේ.
ඒ අනුව ඔහු ප්‍රකාශයක් ලබාගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. පැය පහමාරක් පමණ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු නික්ම ගියේය.