ආර්ථික හා දේශපාලනික අර්බුදය විසඳිම සඳහා වගකීම් දැරීමට එකඟවූයේ රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දිශානතියකට යොමු කිරීමේ අපේක්ෂාවෙන් බවත්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වන බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (23) කීවේය.
රටේ ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපිත කිරීමට නම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය බවත් ඊ අමතරව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
තමන් ඇතුළු කණ්ඩායමක් රජයට සහය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට රට ගෙනවිත් ඉන්ධන පෝළිම්, ගෑස් පෝළිම් අවසන් කර ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි. පක්ෂ ලෙස නොබෙ දී රට ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතුයැයි ද ඔහු ඉල්ලා සිටියේය.