ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක වන කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය ජයගෙන එරට පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින්නීය.
1988 දී ශ්‍රී ලංකාවේ උපත ලද ඇය 1999 වර්ෂයේ සිට ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ ය.
ඊයේ (21) පැවැති මැතිවරණය සඳහා ඇය හෝල්ට් නමැති මැතිවරණ කොට්ඨාසයට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූවාය. ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයකු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
හෝල්ට් මැතිවරණ කොට්ඨාසයට ඇගේ ප්‍රධාන ප්‍රතිවාදිය වූයේ ද ශ්‍රී ලංකාවේ උපත ලද රන්ජ් පේරේරා නමැති අයෙකි. ඒ අනුව කවුරුන් ජයග්‍රහනය කළද හෝල්ට් අසුනට පත්වන්නට නියමිතව තිබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකි.
කැසන්ඩ්‍රා ඡන්ද 57.5% ප්‍රතිශතයක් හිමිකරගත් අතර ඇගේ ප්‍රතිවාදියාට 42.5%ක් හිමිව තිබිණි.
පේස්ට්‍රි ඇතුළු කෙටි කෑම වර්ග සාදන සූපවේදිනයක් වන කැසන්ඩ්‍රා සාධාරණ වැටුපක් සහ රැකියා අයිතිය වෙනුවෙන් අරගල කරන්නියක ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැකි සරණාගතයන් හට ඉංග්‍රීස භාෂාව ඉගැන්වීම සඳහා ඇය ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින්නියකි.