පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) මාධ්‍යවේදී දෙදෙනකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් විසින් උදුරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවත් මාධ්‍යවේදින් විසින් පටිගත කිරීම් සිදුකර ඇත්තේ අනවසර පරිශ්‍රයක දී බැවින් යම් ගැටලුවක් මතු වූ මන්ත්‍රීවරු එසේ කර ඇති බවත් කතානායකවරයා අද (19) උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මන්ත්‍රීවරුන් විසින් ජංගම දුරකථන උදුරාගෙන ඇත්තේ සිරස මාධ්‍ය ආයතනය වෙනුවෙන් සේවය කරන කසුන් සමරවීර සහ ස්වර්ණවාහිනිය වෙනුවෙන් සේවය කරන ප්‍රගීත් පෙරේරා යන දෙදෙනාගේ ය.
එහි දී කතානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු පොලිසිය විසින් මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වා ඇති බවත්, එ් අනුව පාර්ලිමේන්තු වේත්‍රධාරියා විසින් පසුගිය අප්‍රේල් 29 වැනි දා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවත් කතානායකවරයා කීවේය.
එහි දී මාධ්‍යවේදීන්ට මාධ්‍ය හැඳුනුම්පත, පාර්ලිමේන්තු ප්‍රවේශවීමේ හැඳුනුම්පත්ට අමතරව කමිටු කාමර අසළ මාධ්‍ය කාර්යයේ නිරත වන්නේ නම් ඒ සඳහා වේත්‍රධාරීගෙන් විශේෂ අවසරයක් ගත යුතු බව ද දැනුම් දී ඇතැයි කතානායක කීවේය. එවැනි විශේෂ අවසරයක් නොමැතිව පටිගත කිරීම් කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ පුස්තකාලය සහ වෛද්‍ය මධ්‍යස්ථානය අතර ප්‍රදේශයේ පමණක් බව ද වේත්‍රධාරී විසින් නිකුත්කළ උපදෙස් මාලාවේ දැක්වෙයි.
කමිටු කාමර 05 සහ 06 අතර කොරිඩෝවේ රැඳී සිටිමින් එම මාධ්‍යවේදීන් දෙදෙනා ජංගම දුරකථනයෙන් පටිගත් කිරීම් කරද්දී ඔවුන් කවුරුන්දැයි නොදන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසියම් පීඩාකාරී හේතුවක් නිසා මේ ජංගම දුරකථන ඔවුන් භාරයට ගෙන ඒවා සභා ගැබට රැගෙනවිත් ඇතැයි ද කතානායකවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කතා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මාධ්‍ය නිදහස සීමා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ කිසිවෙකුට කළ නොහැකි දෙයක් බවයි. එම ජංගම දුරකථන ගත් මන්ත්‍රීවරු මාධ්‍යවේදීන් ව හොඳින් හඳුනන බව ද වෙනත් චක්‍රලේඛ ඉදිරිපත් කරමින් මේ කරුණ සාධාරණය කිරීම වරදක් බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදීන් දෙදෙනා මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ පසු මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න යැයි බලපෑම් කර ඇති බව ද පැවසූ විපක්ෂනායකවරයා කියා සිටියේ මන්ත්‍රීවරු ඒ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමෙන් මෙය අවසන් කරගත හැකි බවයි.