ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහය දුන්න ද කිසිදු ඇමතිධූරයක් භාර නොගන්නා බවට ගත් තීරණයට පටහැනිව යමින් මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිධූර ඉල්ලා ඇතැයි වර්තා වේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරවුලක් ඇති වී තිබෙන අතර එලෙස ඇමතිධූර ගන්නා මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපීම සඳහා නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ද පක්ෂය දැනමටත් කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක එලෙස අමාත්‍යධූර ලබාගැනීමට සූදානම් ව ඇතැයි පැවසේ.
ඔවුන් මේ පිළිිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇතත් ජනාධිපිතවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදිය හැක්කේ කැබිනට් ඇමතිධූරය 02ක් සහ නියෝජ්‍ය අමාත්‍යධූර 03ක් පමණක් බවයි.
මන්ත්‍රීවරු කිහිප දෙනකු පක්ෂයේ තීරණයට පටහැනිව යමින් ඇමතිධූර භාරගැනීමටම සූදානම් යැයි දැනගන්නට ඇත.