කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 34,353ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,417ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,100
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 584
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 527
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 66
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 56
- එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 49
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- අමානා ලයිෆ් සමාගම 20%
- සපුගස්තැන්න වැවිලි සමාගම 18%
- පි.ජී.පී. ග්ලාස් සමාගම 17%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 188
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 58ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 09ක ආයෝජනය අද දිනයේ සිදුකර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 17
- හේමාස් සමාගම රුපියල් මිලින 6.6
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් රුපියල් මිලියන 05
- සන්ෂයින් හෝල්ඩින්ස් 3.4
- ඇස්කොට් සමාගම රුපිියල් 2.6
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 9.5
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 8.8
- එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 2.8
- ඒසියල් කේබල් සමාගම රුපියල් මිලියන 1.7
- රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 1.6
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ