spot_img
spot_imgspot_img

නව අමාත්‍ය මණ්ඩලයේ තිදෙනෙක් පත්කිරීම ඉරිදා

පුවත්

විදෙස්

නව අමාත්‍ය මණ්ඩලයෙන් කිහිප දෙනකු හෙට (15) දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුළුව සමස්ත කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 20කට සීමාවන බව ද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර දිවුරුම් දීමට නියමිතය.

මීට අමතරව දිනේෂ් ගුණවර්ධන නැවත සභානායක තනතුරට පත්කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ප්‍රසන්න රණතුංග පත්කරන බවත් වාර්තා වෙයි.

හෙට දිනයේ එම අමාත්‍යවරු තිදෙනා දිවුරුම්දීමෙන් අනතුරුව අනිකුත් අමාත්‍යාංශ සඳහා සාකච්ඡා කෙරෙන බවත් කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව 20කට සීමා කළ විට රාජ්‍ය ආයතන සහ විෂය පථයන් වැඩි සංඛ්‍යාාවක් ඇති අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමතිවරු පත්කිරීමටත් යෝජනා වී ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මේ දක්වාම ස්ථිර තීරණයක් නැතැයි ද වාර්තා වේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර සමස්ත කැබිනට් මණ්ඩලය ම දිවුරුම් දෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!