spot_img
spot_imgspot_img

අරගලයට පහරදුන් අමාත්‍යාංශ ලේකම් සහ රජයේ නිලධාරීන් මෙන්න

පුවත්

විදෙස්

සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පිරිස අතර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සිටින බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු පවසන්නේ මේ මැර පිරිස අතර මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ ලෙක්ම් ඉංජිනේරු රංජිත් ප්‍රේමසිරි ද සිටින බවයි. ඒ බව ඔහු ඡායාරූප සාක්ෂි දක්වමින් පෙන්වා දෙයි.

එමෙන් ම මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිතියේ ජී.වී.එම්.පී.සංජීව, රියදුරන් වන කේ.එම්.පී.කේ.සිල්වා, ආර්.ඒඩී.සමන්, නීල් චන්දන, චන්ද්‍රසිරි, කළමනාකරණ සහකාර (ඉදිකිරීම්) චාමර, හොරණ වල් කැපීමේ අංශයේ හෙට්ටිආරච්චි, හිටපු සරප් නිලධාරියකු වන පී.වී.එස්.දේවින්ද, ඉඩම් අංශයේ සමීර, කාර්යාල කාර්ය සහායක වසන්ත හෙට්ටිආරච්චි, ඉදිකිරීම් අංශයේ ලහිරු, ලිෆ්ට් ක්‍රියාකරු කුමාර ඇතුළු පිරිසක් මෙම කණ්ඩායමේ සිටින බව ද හිටපු ආණ්ඩුකාරවරයා පවසයි.

මීට අමරතව අධිවේගී මාර්ගයේ පින්නදූව හුවමාරුවේ තිබූ මාර්ග සංවර්ධන අධිකාරියේ 4201 අංකය සහිත වෑන් රථයක් ද පසුගිය 09 වැනි දා ගිනිගෙන විනාශ වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

හිටපු ආණ්ඩුකාරවරයා පවසන්නේ තමන් කරන ලද සොයාබැලීම්වල දී මෙම සියලු නිලධාරීන් පැමිණ ඇත්තේ එදින රාජකාරියට වාර්තා කළ බවට ලේඛනවල අත්සන් කිරීමෙන් පසුව බවයි.

අරගල භූමියේ සිටි නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මෙම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු මහා මාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙයි.

ඔහු මේ සම්බන්ධයෙන් සිය facebook ගිනුමේ සටහනක් ද තබා ඇත.

(අපි පිළිතුරු දීමේ අයිතිය ගරු කරන වෙබ් අඩවියකි. එබැවින් මේ පුවත සම්බන්ධයෙන් අගතියට පත්‍වන පාර්ශවයක් සිටීනම් ඔවුන්ගේ පැහැදිළි කිරීම් ද මෙවැනිම ඉඩක් ලබාදෙමින් ප්‍රකාශයට පත්කරන බව දන්වා සිටිමු)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!