“අරගලය සාධාරණයි. කිසිම අවස්ථාවක අරගලකරුවන්ට අනීතික බලපෑම් කිරීමට හෝ මර්ධනය මුදාහැරීමට කටයුතු නොකළ යුතුයි. කඩිනම් වැඩ පිළිවෙලට එකඟ විය යුතුයි. එවිට මම මේ ප්‍රශ්නය විසඳන්න බාර ගන්නම්” යැයි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇතැයි ද එම කොන්දේසිවලට එකඟවීම හේතුවෙන් ඔහු අග්‍රාමාත්‍යධූරය බාර ගන්නා බව ද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරය භාරගන්නේ නම් රටේ ඇති අර්බුදය විසඳීම සදහා කෙටි කාලීන සර්ව පාක්ෂික රජයකට සහාය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 153ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානමින් සිටියි.
රනිල් අද (12) හෝ හෙට (13) අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ දක්වා ආණ්ඩුව සමඟ සිටින මන්ත්‍රීවරු කණ්ඩායම, සමගි ජන බලවේගයෙන් වෙන් වී රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන මන්ත්‍රීවරු කණ්ඩායමක්, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායමේ විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමට තීරණය කර ඇත. ඔවුන් වරින් වර හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
බලය වෙනුවෙන් මහින්දත් එකතුවෙයි.රනිල්ට බැනපු අය දැන් වරදාන බලාගෙන එකතුවෙයි.