spot_img
spot_imgspot_img

අරලියගහ මැදුර දෙසට හමුදා කණ්ඩායම් පැමිණෙයි. එහි දැන් තත්වය මෙන්න

පුවත්

විදෙස්

අගමැති මහින්ද රාජපක්ෂ මේ වන විට ඉල්ලා අස්වී තිබේ.

අරලියගහ මන්දිරය අසළ විශාල පිරිසක් මේ දක්වාම රැඳී සිටිමින් උද්ඝෝෂණවල නරත වන අතර අගමැති නිල නිවසේ පිටුපස කොටසක ගින්නක් ද හටගෙන තිබිණි.

ශ්‍රී ලංකාවේ ඉතාමත් ආරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස සැළකෙන අරලියගහ මන්දිරයේ පිටුපස ගේට්ටුව ගිනි තබා එය කඩා පිරිසක් එහි ඇතුළු වී තිබේ. අගමැති නිල නිවස තුළ විදුලිය විසන්ධි කර ඇති අතර අවස්ථා කිහිපයක් අහසට වෙඩි තැබීම් ද සිදුවිය.

මේ වනවිට අරලියගහ මැදුර දෙසට හමුදා කණ්ඩායම් පැමිණෙමින් සිටින බව ඒ අවට සිටින්නෝ කියති.

මේ එලෙස හමුදාව පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයි

මේ වනවිට තුංමුල්ල හන්දියේ හමුදා නිලධාරීන් පැටවූ බස් රථ රැසක් නවතා ඇති බව ද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!