ආසාදිතයන් 8,413යි. 57,814ක නිරෝධායන අවසන්.

0
88

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (26) දිනයේ දී හඳුනාගත් සමස්ථ රෝගීන් සංඛ්‍යාව 541ක් බව ද එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

අද (27) වනවවිට මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොරෝන පොකුරේ සම්පූර්ණ අසාදිතයන් ගණණ 4,941ක් බවත් ඉන් පදු්ගලයන් 1,041ක් කම්හල් සේවකයන් බවත් ඉතිරි 3,900ක් ඔවුන්ට සම්බන්ධ වූ පුද්ගලයන් බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයන් 57,814 දෙනකු මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස්වෙත ගොඩස් ඇත. අද (27) දිනයේ දී තවත් පුද්ගලයන් 176 දෙනෙක් නිරෝධායය අවසන් කර නිවෙස්වෙත යාමට සූදානම්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here