spot_img
spot_imgspot_img

අන්තරේ විරෝධය නැවත්වීමේ පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි

පුවත්

විදෙස්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අරගල භූමියට හෙට (24) පැමිණීමට නියමිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් වැළැක්වීම සඳහා පොලිසිය කොළඹ අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

පොලිසිය එහ දී බුද්ධි අංශ වාර්තාවකින් අනාවරණය කර ඇති තොරතුරු බව පවසමින් කරුණු 08ක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

1,000ක පමණ පිරිසක් පැමිණ අරගල භූමියේ රාත්‍රිය පහන් කරන බවත් එහ දී ඔවුන් පැමිණෙන්නේ මාර්ග රැසක් අවහිර කරමින් බැවින් සාමාන්‍ය ජන ජීවිතය ආඩල වන බවත් එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට බලෙන් ඇතුළු වීමට සූදානමක් ඇතැයි තො‍රතුරු ලැබී ඇති බවත් ‍පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් කර තිබිණි.

එමෙන් ම එලෙස පැමිණෙන පිරිස ගැටුම්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට නියමිත බවත් පොලිසිය බී වාර්තාවේ දක්වා තිබේ. එමෙන්ම මෙම කාර්යය මෙහෙයවන පුද්ගලයන් 16 දෙනකුගේ නම් ද පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත. එමෙන්ම පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ සාමකාමී උද්ඝෝෂණය කරන පිරිසට මෙම පිරිස බාධා කිරීමට ඉඩ ඇති බවයි.

කෙසේ වුව ද ‍පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!