spot_img
spot_imgspot_img

කාන්තා නේවාසිකාගාරයක, කසිප්පු නිෂ්පාදනාගාරයක්

පුවත්

විදෙස්

ආඬිඅම්බලම කෝවින්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාන්තා නේවාසිකාගාරයක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් කටුනායක පොලිසිය විසින් වටලා  එය පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ එහි තිබී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා කසිප්පු තොගයක් අත්අඩංගුවට ගත් බවයි.

කෝවින්න විහාරස්ථානය ඉදිරිපිට මෙම නේවාසිකාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර එහි කාමර 10ක කාන්තාවන් නේවාසිකව තබාගෙන කසිප්පු ජාවාරම සිදුකර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තා 41 හැවිරිදි අයකු බවත්, කසිප්පු ලීටර 101ක්, බැරල් 05ක්, ගෝඩා ලීටර 879ක්, තඹ දඟර, රබර් බට, ප්ලාස්ටික් බැරල් සහ යකඩ බැරල් තොගයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කටුනායක  පොලිස් අපරාධ විමර්ශන අංශය පවසන්නේ නවීනතම වාහන භාවිතා කරමින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ උපකරණ තොගය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!