spot_img
spot_imgspot_img

“ඉල්ලා අස්වන්න. නැත්නම් අපි සියල්ල හෙළි කරනවා” ඇනොනිමස් ජනපතිට තර්ජනය කරයි

පුවත්

විදෙස්

ගෝඨාභය රාජපපක්ෂ ජනාධිතිවරයාට දින 14ක් ඇතුළත සිය ධූරයෙන් ඉවත්වන ලෙසත් නැතිනම් සයිබර් යුද්ධයක් ආරම්භ කරන බවත් පවසමින් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් හෙවත් ඇනොනිමස් පිරිසක් පණිවිඩයක් නිකුත් කර තිබේ.

මෙම පණිවිඩය ජාත්‍යන්තර කණ්ඩායමක් මගින් නිකුත් කරන ලද බව දක්වමින් පළ කර ඇත්තේ The Ghost නමැති Youtube නාලිකාවකය. එම නාලිකාවේ ජාත්‍යන්තර ප්‍රකාශයට පත්කිරීම් කිසිවක් දක්නට නැති අතර සියලුම පළකිරීම් ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙනි.

එබැවින් මාධ්‍ය විශ්ලේෂකයන්ගේ මතය වන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්වය හේතුවෙන් The Ghost මෙරට පිරිසක් විසින් නිර්මාණය කරන ලද YouTube නාලිකාවක් විය හැකි බවයි. එහි දැක්වෙන ජාත්‍යන්තර ඇනොනිමස් පිරිසක් යන්න ද ව්‍යාජ මවාපෑමක් විය හැකි බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත්, එහි දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ ඉවත් වන්නේ නැත්නම් මෙතෙක් සිදුකර ඇති ශ්‍රී ලාංකීය ජනතාව නොදන්නා කරුණු රැසක් හෙළිදරව් කරන බවයි.

එම පණිවිඩයේ මෙලෙස සඳහන් කර ඇත. (එහි අන්තර්ගත කරුණු ඇනොනිමස් විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකි)

“සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ආචාරය. අපි ඇනොනිමස්. මෙය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පණිවිඩයකි. ඇනොනිමස් ඔබෙන් ඉවත් වන ලෙසට ඉල්ලා සිටිනවා. අපි ඔබට ඉවත් වීමට දින 14ක් දෙනවා. ඔබට සහ ඔබේ රජයට එරෙහිව සයිබර් යුද්ධයක් ප්‍රකාශ කිරීමට අපට ඉඩ නොදෙන්න.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. ජනාධිපතිවරයා මධ්‍යම රජයේ මෙන්ම කැබිනට් මණ්ඩලයේද ප්රධානියාය. සියලුම තීරණ අවසානයේදී ඔහු හෝ ඇය විසින් ගනු ලැබේ. මෙම බලය ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුවට ලබාදිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!