ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතවරු අද (07) උදෑසන මාසික සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර උද්ඝෝෂණයක නිරතවූහ.
ප්‍රාදේශීය සභාවේ සිදුවන අකටයුතුකම්වලට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුකරන බව ඔවුහු කීහ.
සභාපතිවරයා ඇතුළු පාලක කණ්ඩායම අත්තනෝමතික ලෙස සභාවේ කටයුතු සිදුකරන බවත්, රාජ්‍ය නිලධාරීන් ද දේශපාලන බලයට යට වී සිටින බවත් ඔවුහු චෝදනා කරති. එමෙන් ම ප්‍රාදේශීය සභාවේ ටෙන්ඩර් ක්‍රියාවලිය පවා කිසිම විනිවිදභාවයකින් තොර බවත් සභාවේ දී විපක්ෂයේ නියෝජිතයන් දක්වන අදහස් සභා වාර්තාවෙන් ඉවත්කිරීමට පවා ලේකම්වරයා කටයුතු කර ඇති බවත් ඔවුන් නගන චෝදනාවකි.
කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය උපදෙස් තිබිය දී ඒ සියල්ල නොතකා අමාත්‍යවරුන් මගින් පවා කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකයට අනිසි බලපෑම් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතවරියකගේ සැමියාගේ මළ සිරුරක් නිවසට ගෙන යාම නීති විරෝධී බව ද ඔවුහු පෙන්වාදුන්හ.
එම මළ සිරුරු ගෙන නිවසට ගෙන යාම සඳහා දේශපාලන බලය යෙදවූ බවට සභාපතිවරයා ඇතුළු පාලක කණ්ඩායමේ නියෝජිතවරුන් පසුගිය සභාවාරයේ දී කරන ලද ප්‍රකාශ සභා වාර්තාවෙන් ඉවත්කර තිබීම ද බරපතල ගැටලුවක් බව මෙලෙස උද්ඝෝෂණයට එක්ව සිටි නියෝජිත කණ්ඩායම කියා සිටියහ.
