spot_img
spot_imgspot_img

ඇමති රමේෂ්ගේ නිවස ඉදිරියේ විරෝධය දැක්වූ අයෙක් රිමාන්ඩ්. කාර්ය මණ්ඩලයට බාධා කළාලු

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ පැවැති උද්ඝෝෂණයකට සහභාගී වී මහජනතාවට අවහිරවන ආකාරයෙන් නීති විරෝධී රැස්වීමක කටයුතු කිරීම සහ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු හෙට (07) දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග ක‍ළාය.

මෙම උද්ඝෝෂණය පැවැත්වෙන විටත් සිය ධූරයෙන් ඉල්ලා අස් වී සිටි හිටපු ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයට අවහිරයක් කළ බවට ඔහුට චෝදනා ඉදිරිපත් කර තිබිණි. ඇමති නිවසේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට ඔහු හඳුාගත හැකියැයි ප්‍රකාශ කළ බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා හෙට (07) දිනය දක්වා ඔහු රිමාන්ඩ් කෙරිණි.

එම සැකකරු සම්බන්ධව ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් නඩු තුනක් පවරා තිබූ අතර එම නඩු අතරින් නඩු දෙකකට රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇපි නියම කරන ලදී.

මෙහි දී නීතිඥයෝ රැසක් සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් මේ සම්පූර්ණයෙන් ම ගොතන ලද චෝදනාවක් වන බවත්, සාමාන්‍ය ජනතාව විසින් කරන ලද උද්ඝෝෂණයක් හේතුවෙන් අමාත්‍ය රමේෂ් පතිරණගේ නිවසට හෝ දේපළකට කිසිදු හානියක් සිදුව නොමැති බවත් කියා සිටියහ.

නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ දේශපාලනික වුවමනාව මත මේ නඩුව ගොනුකර ඇති බවයි. එම සැකකරුට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දුන් වහාම ඔහු ගාල්ල පොලිසියට ඉදිරිපත් වූ බැවින් ද ගාල්ල පොලිසියේ පොලිස් සාක්ෂිකරුවන් ඔහු හොඳින් හඳුනන බැවින් ද හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම ප්‍රතිඵල රහිත බව ද නීතිඥවරු කියා සිටියහ.

හෙට දිනයේ හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!