spot_img
spot_imgspot_img

ජනපතිගේ ආරාධනයට ශ්‍රීලනිපය බෑ කියයි

පුවත්

විදෙස්

නැවත කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සහාය ලබාදෙන්න යැයි ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටීමට තම පක්ෂය ගත් තීරණයේ වෙනසක් නැති බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!