දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් එහි කීර්ති නාමයට හානිකර විනාශ කරගන්නා බවත්, එබැවින් කොමිසමේ කටයුතු නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවත් ගැටලු සඳහා වහාම ප්‍රතිකර්ම ලබාදිය යුතු බවටත් ආණ්ඩුකාර විලී ගමගේ නියෝග කර ඇත.
ආණ්ඩුකාරවරයා මෙම නියෝගය නිකුත්කර ඇත්තේ අධ්‍යාපන පරිපාලන සේවයේ III වැනි ශ්‍රේණියේ නිලධරිනයක වන එල්.ඒ.එන්.එස්.ජයසේකර විසින් රජයේ ආයතන වෙත දන්වා යවා ඇති පැමිණිලි සම්බන්ධයෙන් සලකා බැලීමට පත්කරන ලද ත්‍රිපුද්ගල අනුකමිටුවක් ලබාදුන් වාර්තාවන් සැළකිල්ලට ගනිමිනි.
මේ බව සඳහන් කරමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පිටු දෙකකින් යුතු ලිපියක් යොමුකර ඇත.
ජයසේකරගේ සේවා අවශ්‍යතාව මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඇය 2018 පෙබරවාරි 15 වැන ිදින ස්ථාන මාරු කර ඇතත් ඒ සඳහා විධිමත් අනුමැතිය ලබාදීමට වසර දෙකකුත් මාස 05ක් ගත කර 2020.07.08 වැනි දින දක්වාම ප්‍රමාද කර තිබේ. එමෙන් ම, හබරාදුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා සේවා අවශ්‍යතාව මත සහබන්දු නමැති නිලධාාරියකු පත්කිරීම අධ්‍යාපන ලේකම්වරයා විසින් 2015 දෙසැම්බර් මස 31 වැනි දින සිදුකර ඇති අතර ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය දී ඇත්තේ 2019.12.10 වැනි දින හෙවත් වසර 04ක් ගතවීමට දින 21කට පෙරාතුවය.
ආණ්ඩුකාරවයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවා කොමිසමේ මෙවැනි ප්‍රමාදයන් හා ආයතනික නොසැළකීම් පළාත් රාජ්‍ය සේවයේ දොෂ සඳහා හේතුවන බවයි.
(දකුණු පළාත් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතා සහ පක්ෂග්‍රාහී ක්‍රියාවන් හේතුවෙන් ඔබ ද අපහසුතාවට පත්ව ඇත්නම් හෝ අසාධාරණයට ලක්වූ අයකු ගැන ඔබ දන්නේ නම් අප වෙත ඒ බව දැනුම් දෙන මෙන් ඉල්ලමි)