spot_img
spot_imgspot_img

රුපියල බාල්දුවීම කොටස් වෙළෙඳ පොළටත් බලපායි

පුවත්

විදෙස්

රුපියලේ අගය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 230 දක්වා පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමාගම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. කෙසේ වුව ද මෙම තීරණය අපනයන සමාගම්වලට මූල්‍ය වාසි රැසක් අත්කර දුන්න ද බොහෝ සමාගම්වල භාණ්ඩ හා නිෂ්පාදන සේවා සමාගම්වල අමුද්‍රව්‍ය සඳහා ගෙවීමට සිදුවන මුදල ඉහළ යාමෙන් මෙය ඇතැම් සමාගම්වලට අහිතකර ලෙස බලපානු ඇතැයි ද අනුමාන කළ හැකිය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) ගනුදෙනු 37,917ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් 3,483ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 437කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,523ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 601
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 514
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලින 251

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 169
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 48
  • එල්ඕඑල්සී ‍ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • හොරණ වැවිලි සමාගම 10%
  • ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම 07%
  • මල්වත්ත වැලි වැවිලි සමාම 07%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 505
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 415
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  221

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් ලක්ෂ 10ක්, රුපියල් 59.50 සහ රුපියල් 60.00 බැගින් ද

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 104ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 23ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 81ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 40
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 18
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 09
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 04
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 05
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1.7
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) රුපියල් මිලියන 1.2
  • වැලිබල් සමාගම රුපියල් මිලියන 1.1
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 0.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!