spot_img
spot_imgspot_img

“විදුලිය නැතැයි බොරු කියමින්, ‍සේවය පැහැර හරිනවා” යැයි කියමින් පිරිසක් විදේශ කටයතු අමාත්‍යාංශයේ ගෝරි දමති (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයේ විදුලිය ඇණහිට ඇතැයි පවසමින් එහි සේවකයන් තම සේවා ඉ‍ටු නොකරන බව පවසමින් විශාල පිරිසක් එම කාර්යාලයට ඇතුළු වීමෙන් ගැටලුකාරී තත්තවයක් හටගෙන ඇත.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකෙහිම එහි පැමිණ තම පොලිස් වාර්තාව සහතික කරගැනීමට උත්සාහ ගත් අයකු මාධ්‍ය සමඟ කියා සිටියේ තමන් සිකුරාදා පැමිණි විට සඳුදා ඕනෑම වේලාවක පැමිණ එම කාර්ය කරගත හැකියැයි පවසූ බවයි.

නමුත් අද (07) පැමිණි විට විදුලිය විසන්ධි වී ඇතැයි පවසා වෙනත් දවසක පැමිණෙන ලෙස දැනුම් දුන් විට එම ගොඩනැගිල්ලේ විදුලිය ඇති බව සහතික වූයෙන් තමන් ඇතුළු කණ්ඩායමක් කාර්යාලයට ඇතුළු වී බලනවිට කොන්සියුලර් අංශයේ සියලු පරිගණක ක්‍රියාත්මකව තිබූ බව ඇස් දෙකෙන් ම දුටු බව ඔහු පවසයි.

මේ සමඟ සේවා ලබාගත නොහැකිව සිටි විශාල පිරිසක් දැඩි කලබලයක් ඇතිකර තිබේ. විදුලිය තිබිය දී ද ජනතාවට සේවය ලබා නොදී එය මඟහැර සිටින්‍නේ කාර්යාලයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් හේතුවෙන් බව ද එහි පැමිණි ජනතාව චෝදනා කරයි.

මෙම කරුණ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමක දී එහි උසස් නිලධාරියකු කියා සිටියේ කොන්සියුලර් කාර්යාලය පවත්වාගෙන යන පුද්ගලික ගොඩනැගිල්ලේ ගැටලුවක් හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති බවයි.

කෙසේ වෙතත් එහි පැමිණ සේවකයන්ට දෝෂාරෝපණය කරන ජනතාව පවසන්නේ ඔවුන් පවසන්නේ බොරුවක් බවයි. විදුලිය බිඳ වැටී ඇතැයි පැවසුව ද සියලු පරිගණක ක්‍රියාත්මක වී තිබූ වත් ජනතාව එහි කඩා වැදුණු පසු විදුලිය විසන්ධි කළ බවත් ඔවුහු චෝදනා කරති.

අද දෙරණ විකාශය කළ දර්ශන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!