ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිදුවීම් හඳුනාගැනිම සඳහා ඉවහල්වන පැරණි ලේඛන මූලාශ්‍ර හෙවත් අභිලේඛන පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් අන්තර්ජාලයට එකතුකර ඇත. inscriptions.lk නම් වෙබ් අඩවිය මගින් මෙය සිදුකරනු ලබන අතර archaeology.lk කණ්ඩායමේ ශාස්ත්‍රීය සේවාවන් සිදුකරන “පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතන” මගින් මෙම කාර්යය සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ විධිමත් අක්ෂර භාවිතය මහින්දාගමනයෙන් පසුව සිදුවූ බවට පිළිගැනීමක් ඇතත් ඊට පෙර පටන් ද අක්ෂර පිළිබඳ අවබෝධයක් තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී තිබේ. මැටි පුවරු, තඹ තහඩු, ගඩොල්, කාසි සහ ලෙන් ලිපි, ශිලා ලිපි, පුස්කොළ පොත් ආදී සියල්ල පැරණි අභිලේඛන ලෙස සැළකෙයි.
මෙවැනි අභිලේඛන 1,500කට වඩා ප්‍රමාණයක තොරතුරු දැනටමත් inscriptions.lk නම් වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.
ඓතිහාසික තොරතුරු නිරවුල්ව හා නිවැරදිව සමාජගත කිරීමේ දී මෙවැනි අභිලේඛන අතිශය වැදගත් සාධක වෙයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතියේ අධ්යක්ෂවරුන් ලෙස තොරතුරු තාක්ෂණ විශේෂඥ අනුරාධ පියදාස, රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උරුම අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල කටයුතු කරන අතර පර්යේෂණ සහකාරවරුන් ලෙස සිතුමි බොතේජු, සිතානි ජයතිස්ස සහ කලංගි රොඩ්රිගු කටයුතු කරති.
inscriptions.lk වෙබ් අඩවියට පිවිස ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ඕනෑම අයකුට අවස්ථාව උදාවී ඇත.
වෙබ් අඩවිය – https://www.inscriptions.lk/
සිංහල දත්ත පද්ධතිය – https://www.inscriptions.lk/db/VInscriptionsList?language=si
ඉංග්‍රීසි දත්ත පද්ධතිය – https://www.inscriptions.lk/db/VInscriptionsList?language=en
වෙබ් අඩවිය ජනගත කළ අවස්ථාව