කොටස් වෙළෙඳ පොළ මෙරට ජනතාවට ලැබී ඇති ඉතාමත් ලාභදායී ආයෝජනය අවස්ථාවක් බවට මේ වනවිට පත්ව තිබේ. එබැවින් ඒ කෙරහි බොහෝ දෙනකු උනන්දුවක් දක්වන අතර විශේෂයෙන් ම තරුණ තරුණියෝ පවා කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා නැඹුරුවන බවක් පෙනෙන්නට ඇත.
කොටස් වෙළෙඳ පොළට සම්බන්ධවන ආයෝජකයන්ට එහි දී භාවිතාවන විශේෂ වචන සම්බන්ධයෙන් එතරම් අවබෝධයක් නැත. එබැවින් කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වූ ආයෝජකයන්ට මෙන් ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටත් පාරිභාෂික වචන පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා මෙම ලිපිය සකසා ඇත.
කොටස් වෙළෙඳ පොළ
මෙයින් අදහස් වන්නේ ඕනෑම රටක එම රටේ ඇති ලැයිස්තුගත සමාගම්වල කොටස් හුවමාරුවන ස්ථානයයි. සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධනය උපයා ගැනීම සඳහා එහි අයිතිය සාමාන්‍ය ජනතාවට ලබාදීම මෙහි දී සිදුවෙයි. කොටස් වෙළෙඳ පොළ මගින් සිදුකරන්නේ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ එම වෙළඳාම විධිමත්ව සිදුකිරීමයි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව රාජ්‍ය ආයතයකි. 1987 අංක 36 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පනත මගින් මේ ආයතනය ස්ථාපිත කර ඇත. එහි ප්‍රධානත ම අරමුණ වන්නේ ක්‍රමවත් හා සාධාරණ පිළිවෙළකට සුරැකුම්පත් නිකුත් කිරීමට හා පවත්වාගෙන යාමට හැකි වෙළෙඳ පොළක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි නියාමන කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි.
කොටස් තැරැව්කාර ආයතන
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හරහා කෙටස් තැරැව්කාර ආයතනයක් ලෙස කටයුතු කිරීමට ආයතනයකට බලපත්‍රයක් ලබාගැනීමට හැකියාව ඇත. එලෙස බලපත්‍රලාභී තැරැව්කාර සමාගම් ආයෝජකයා හා කොටස් වෙළෙඳ පොළ අතර අතරමැදියකු ලෙස කටයතුු කරමින් ආයෝජකයාගේ කොටස් ගනුදෙනු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකරයි. එමෙන් ම එම ගනුදෙනු ක්‍රියාත්මක කිරීම ද, ගනුදෙනු සඳහා අවශ්‍ය උපදෙස් සහ පහසුකම් සැයීම ද තැරැව්කාර ආයතනය මගින් සිදුකරයි. ආයෝජකයන්ට අවශ්‍ය දැනුම ලබාදීම ද සිදුකරන්නේ තැරැව්කාර සමාගම් විසිනි.
කොටස් තැරැව්කරු
තනි පුද්ගලයකි. ආයේජන උපදේශකයෙකි තැරැව්කාර ආයතනයට පැමිණෙන ආයෝජකයයන්ට කොටස් ගනුදෙනු පිළිබඳ උපදෙස් ලබාදෙමින් ගනුදෙනු නිසි පරිදි ක්‍රියාත්මක කරවනු ලබන්නේ තැරැව්කරුවන් විසිනි. ඒ ඒ තැරැව්කාර සමාගම්වල තැරැව්කරුවන් බොහෝ දෙනකු සිටිති. ඔවුන් ආයෝජකයාට මෙන්ම තැරැව්කරුවන්ට ද වගකිව යුතු අතර ආයෝජකයාගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තෙකි.
ලැයිස්තුගත සමාගම්
කොටස් වෙළෙඳ පොළෙහි කොටස් ගනුදෙනු කිරීමට අවශ්‍ය අනමුැතිය ලබාදෙමින් කොටස් වෙළෙද පොළේ ලියාපදිංචි වී ඇති ආයතනයක් මිලකළ සමාගමක් හෝ ලැයිස්තුගත සමාගමක් ලෙස හැඳින්වේ. ඒ සමාගම්වල කොටස්, කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු වීම සිදුවෙයි. මීට අමතරව ඕනෑම සමාගමක කොටස් වෙළෙඳ පෙළේ ලැයිස්තුගත වන්නේ නම් එම සමාගම පොදු සමාගමක් බවට පත්ව තිබිය යුතුයි. ඒ අනුව, කොටස් නිකුත් කිරීම හරහා මිලකළ සමාගම් හෝ ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමට එවැනි සමාගමකට අවස්ථාවක් පවතී.
මූලික කොටස් නිකුතුව
සාමගමක් ප්‍රථම වතාවට මහජනතාවට කොටස් නිකුත් කරන අවස්ථාව මූලික කොටස් නිකුතුවක් ලෙස හඳුන්වයි. සමාගමක් මෙලෙස මහජනතාවට කොටස් නිකුත්කරනු ලබන්නේ එම සමාගමට අවශ්‍ය ප්‍රාග්ධනය උපයා ගැනීම සඳහාය. එනම්, තම සමාගමේ කොටස් නිකුත් කිරීම මගින් සමාගමේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සිදුවෙයි එලෙස කිරීමෙන් සමාගමක් මිල කළ සමාගමක් බවට පත්වෙයි. යම් සමාගමක් කොටස් නිකුත් කිරීමට පෙර කොටස් වෙළෙඳ පොළෙහි ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුය.
ප්‍රාථමික වෙළෙඳ පොළ
සමාගමක් ප්‍රථම වතාවට මහජනතාවට කොටස් නිකුත් කරන වෙළෙඳ පොළ, ප්‍රාථමික වෙළෙඳ පොළක් ලෙස හඳුන්වයි. එනම් සමාගමක් ප්‍රථම වතාවට කොටස් නිකුත් කිරීමක් ප්‍රාථමික වෙළෙඳ පොළක් වෙයි. එහි දී කොටස් වෙළෙඳ පොළේ අවසරය ලබාගෙන සමාගම විසින් එම සමාගමේ කොටස් මිල දී ගන්නා ලෙස මහජනතාව දැනුම්වත් කිරීමක් වෙයි. ප්‍රාථමික වෙළෙඳ පොළේ දී ආයෝජකයන්ට හැකියාව ඇත්තේ කොටස් මිල දී ගැනීමට පමණි.
ද්විතීක වෙළෙඳ පොළ
ආයෝජකයන් ප්‍රාථමික වෙළෙඳ පොළ හරහා මිල දී ගත් කොටස් නැවත එකිනෙකා අතර හුවමාරු වන ස්ථානය ද්විතීක වෙළෙඳ පොළ ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ ද්විතීක වෙලෙඳ පොළ ලෙස හැදින්වෙන්නේ කොළම කොටස් වෙළෙද පොළේ ක්‍රියාකාරීත්වයයි. ද්විතීක වෙළෙඳ පොළ හරහා ආයෝජකයන්ට කොටස් මිලදී ගැනීමට මෙන් ම කොටස් විකිණීමට ද හැකියාව ඇත.
සමස්ත මිල දර්ශකය
කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු ම කොටස්වල මිල ඉහළ යෑම සාමන්‍යයක් ලෙස පෙන්වන දර්ශකය සමස්ත මිල දර්ශකය ලෙස හැඳින්වෙයි. කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත වී ඇති සමාගම් සියල්ලේ ම සාමාන්‍ය කොටස් මෙම මිල දර්ශකයට ඇතුළත් වෙයි. මෙම මිල දර්ශකය ඉහළ යෑම හෝ පහළ යෑම මත කොටස් වෙළෙඳ පොළ ඉහළ යන්නේ ද, පහළ යන්නේ ද යන්න තීරණය වෙයි.