spot_img
spot_imgspot_img

පොල් ගිනි ගණන් වෙයි. ගෙඩියක් 130ක් වන ලකුණු ?

පුවත්

විදෙස්

වාර්ෂික පොල් ඵලදාවේ විශාල අඩුවක් දක්නට ලැබෙන නිසා ඉදිරි සති කිහිපයේ දී මෙරට පොල් මිල ඉහළ යනු ඇතැයි ද ඒ සමඟම පොල්තෙල් මිල ද අධික වනු ඇතැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.

ඔහු පවසන්නේ මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාව ගෙඩි බිලියන 4.9ක් බවයි. නමුත් මෙවර පොලි ගෙඩි බිලියන 1.9ක පමණ හිඟයක් පවතින බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

මේ නිසා කඩිනම් වැඩපිළිවෙළක් සකස් නොකළහොත් පෙබරවාරි මාසයේ දී පොල් ගෙඩියක් රුපියල් 120.00ක් 130.00 ත් අතර මුදලකට අළෙවි වනු ඇතැයි ද සභාපපති වරයා මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!