spot_img
spot_imgspot_img

වැලිකඩ කැරැල්ලේ තීන්දුව දෙයි. එමිල් රංජන් පෝරකයට. රංගජීව නිදොස්කොට නිදහස්

පුවත්

විදෙස්

වැලිකඩ බන්ධනාගාරය තුළ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ ගැටුම්වල දී සිරකරුවන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ දී මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළ අතර වෙනමාල් රංගජීව යන අය නිදොස්කොට නිදහස් කරන ලදී.

මෙම ගැටුමේ දී සිරකරුවන් අට දෙනකු මියයාම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ස නීති විරෝධී ජන රාශියක් වෙනුවෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් 2019 වර්ෂයේ දී නඩු පවරනු ලැබිණි.

එම ගැටුම සිදුවන අවස්ථාව වන විට එමිල් රංජන් ළමාහේවා බන්ධනාගාර අධිකාරීවරයකු ලෙස කටයුතු කළ අතර නෙවමාල් රංගජීව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.

මෙම නඩු‍ විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැණිනි.

නෙවමාල් රංගජීව නිදොස්කොට නිදහස් කරමින් සහ එමිල් රංජන් ළමාහේවා හට මරණ දඬුවම නියම කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ මෙය ඒකමතික තීන්දුවක් බවයි. සාක්ෂිකරුවන් විසින් මෙම නඩුවේ පළමු විත්තිකරුවන නෙවමාල් රංගජීව යන අයව සෘජුව හඳුනාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු නිදොස්කොට නිදහස් කරන බව ද විනිසුරු මණ්ඩලය ප්‍රකාශ කරන ලදී.

මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිිකරුවකු වූ කුඩාබණ්ඩා යන අයගේ සාක්ෂිය පදනම් කරගනිමින් දෙවැනි විත්තිකරුවන එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම් ලබාදීමට විනිසුරු මඬුල්ල තීරණය කර තිබිණි. කොණ්ඩ අමිල නමින් හඳුන්වන රැඳවියකු පැහැරගෙන රැගෙන යන ආකාරය තමන් ඇසින් දුටු බව කුඩා බණ්ඩාගේ සාක්ෂියෙන් ප්‍රකාශ වී තිබිණි. ඒ අනුව එමිල් රංජන්ට මරණ දඬුවම නියම වී ඇත්තේ ඔහුට එල්ල වූ 33 වැනි චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුව පසුගිය ජනවාරි 06 වැනි දා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර නඩුව ‍උදෑසන 11.00ට කැඳවුව ද නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව ලබාදීම අද (12) සවස 1.30 දක්වා කල් තැබිණි.

එසේ වුව ද විනිසුරු මඩුල්ල අධිකරණය වෙත පැමිණියේ සවස 5.00 පසුවීමෙනි.

2012 නොවැම්බර් මස 09 වැනි දා වැලිකඩ බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් තුන්සියයක පමණ කණ්ඩායමක් ඇතුළු වී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී ඇති වූ කලබලකාරී තත්වය ගැටුමක් දක්වා දුරදිග ගොස් අවසන් වූයේ සිරකරුවන් 27 දෙනකු මියයාමෙන් සහ 40කට වැඩි සිරකරුවන් සංඛ්‍යාවක් තුවාල ලැබීමෙනි.

මෙම සිද්ධිය පසුව වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ලෙස හැඳින්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!