spot_img
spot_imgspot_img

මාධ්‍යවේදී ලසන්තට අමුතු ඇමතුම් දෙන කෙනා සොයන්න යැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

පුවත්

විදෙස්

සැකකටුයුතු දුරකථනයකින් මාධ්‍යවේදි ලසන්ත රුහුණුගේ වෙත ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරයකු සහ වර්තමානයේ විධායක කමිටු සාමාජියකු ද වන ලසන්ත රුහුණගේ අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කතෘ සහ ප්‍රවෘත්ති කතෘවරයා‍ෙ ලස ද කටයුතු කරයි.

ඔහුට පසුගිය නොවැම්බර් මස 01 වනි දා සිට පසුගිය දෙසැම්බර් 21 දිනය දක්වා සැකකටයුතු සහ මඟහැරුණු දුරකථන ඇමතුම් 16ක් එක් දුරකථන අංකයකින් ලැබී ඇත. එම ඇමතුම්වලට පෙරළා ඇමතුම් ලබාගත්ත ද ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ ජනමාධ්‍යවේදීන් රැඳී සිටින ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා සහ ඔවුන් බිය වැද්දීමේ අරමුණෙන් මෙවැනි ඇමතුම් ලබා ගැනීම සිදුවන බවයි. මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ලසන්ත රුහුණගේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති බරපතල ගනයේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කාලයක සිට රාවය සහ අනිද්දා පුවත්පත්වලට ගවේෂණාත්මක ලිපි සපයා ඇති බැවින් මෙය ඔහුගේ මාධ්‍ය භාවිතයට හා නිදහස් පැවැත්මට බාධාවක් විය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.

මෙය ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් බැවින් එලෙස ඇමතුම් ලබාදෙන දුරකථන අංකය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසා අත්සන් සහිතව යොමුකරන ලද ලිපියකින් ඉල්ලා සිටියි.

එම ලිපියේ පිටපතක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ද යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!