spot_img
spot_imgspot_img

වසර 80,000කට පසු එන අමුත්තා. අද රාත්‍රී අහසේ දැකිය හැකියි

පුවත්

විදෙස්

වසර 80,000කට වරක් පෘථිවියේ සිට දැකිය හැකි “ලෙනාඩ්” නමින් හඳුන්වන වල්ගාතරුවක් අද (12) සිට දින කිහිපයක් රාත්‍රී අහසේ දැකබලාගත හැකි බව තාරකා විද්‍යාඥයෝ කියති.

මෙම වල්ගාතරුව ඉතාමත් සියුම්ව නිරික්ෂණය කිරීමේ දී පියවි ඇසින් වුව ද දැකගත හැකි අතර කුඩා දුරදක්නයකින් වුව ද පහසුවෙන් නිරික්ෂණය කළ හැකිය.

C-2021-A-1 ලෙස නම්කර ඇති මෙම වල්ගාතරුව ලෙනාඩ් ලෙස නම්කර ඇත්තේ එම වල්ගාතරුව සොයාගත්  ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකුවන ග්‍රේග් ලෙනාඩ්ට ගරු කිරීමක් ලෙසිනි.

ඇමෙරිකාවට සහ කැනඩාවට මෙම වල්ගාතරුව අද උදෑසන හිරු උදාවීමට මොහොතකට පෙර දිස්වන අතර අද හිරු බැසයාමෙන් පසු අනෙකුත් රටවලට දිස්වෙයි.

මෙම වල්ගාතරුව අද පෘතිවියට කිලෝ මීටර මිලියන 34ක් ඈතින් සූර්යයා දෙසට ගමන් කරමින් තිබේ. ඉන් දින 06කට පසු එනම් දෙසැම්බර් 18 වැනි දින වල්ගාතරුව සිකුරු ග්‍රහාය වෙත කිලෝ මීටර මිලියන 4.2ක් දක්වා ලංවනු ඇත. සූර්යයා වටා තවත් ආසන්නව ගමන් කරන බැවින් මේ මාසය පුරාම මෙහි දීප්තිය දිනෙන් දින වර්ධනය වන අතර එය හොඳ දුරදක්නයකින් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වනු ඇත.

දැනට ගණනය කර ඇති ආකාරයට මෙම වල්ගාතරුව වසර 35,000ක් පුරා සූර්යයා දෙසට ගමන් කරමින් තිබෙන්නකි. කෙසේ වෙතත් මෙය සූර්යයා පසුකර ගිය පසු එය නැවත පෘථිවියට දිස්වන්නේ නැත. එය සම්පූර්ණ ගමන්වරායක් සම්පූර්ණ කිරීමට වසර 80,000කට ආසන්න කාලයක් ගත කරන බව තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. ඒ අනුව නැවත ලෙනාඩ්ගේ වල්ගාතරුව නිරීක්ෂණය කළ හැකිවන්නේ වසර 80,000කට පසුවය.

විද්‍යාඥයන් පවසන්නේ මේ වල්ගාතරුව පැයට කිලෝ මීටර 254,412ක් වැනි අධික වේගයකින් ගමන් කරන වස්තුවක් බවයි. මෙවැනි ඇදහිය නොහැකි වේගයක් සහිත වල්ගාතරුවක් මින් පෙර නිරීක්සණය කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!