spot_img
spot_imgspot_img

හෙළිදරව් නොකළ මුදල් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට තිබූ අවස්ථාව දෙසැම්බර් 31 අවසන්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 43,232ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,674ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 67කින් පහළ ගිය අතර එය ඒකක 11,021ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිත කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,086යි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 591යි, එස්එන්බී ලීසිං සමාගම රුපියල් මිලියන 369ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං කොටස් මිලියන 241යි, එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 167යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 41ක් ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර අද දිනයේ ද රුපියල්බිලියන 594ක් ඉක්ම වූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 465ක් ඉක්ම වූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 204ක් ඉක්මවූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

දිනයේ ගනුදෙනු අතරතුර එක්ස්පෝ ලංකා සමාගමේ වත්කම් රුපියල් බිලියන 600 ඉක්ම වූ අතර එය ‍රුපියල් බිලියන 600ක් ඉක්මවූ ප්‍රථම ශ්‍රී ලාංකීය සමාගම ලෙස ද වාර්තා වේ. එසේ වුව ද ඉතා කෙටි කාල සීමාවක් තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 565 ඉක්ම වූ කොමර්ෂල් ලීසිං සමාගම අද දිනයේ සමස්ත වටිනාකම් ප්‍රමාණය බිලියන 184කට සීමා වෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර පස්වැනි තැනට පත්ව තිබේ.

සංවෘත කවය තුළ කොටගල වැවිළි සමාගම කොටස් මිලියන 15.595ක් රුපියල් 7.80 බැගින් හුවමාරු වීම විශේෂත්වයකි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එච්එන්බී ලීසිං (X) කොටස් මිල 66%කින් ද එස්එන්බී ලීසිං සමාගමේ කොටස් මිල 33%කින් ද බ්ලූ ඩයමන්ඩ් සමාගමේ කොටස් මිල 33%කින් ද ඉහළ යාම විශේෂත්වයකි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 76ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 98ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී පමණක් ශුද්ධ ලෙස විදේශීය අයෝජකයන් විසින් රුපියල් මිලියන 22ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. අද දිනය දක්වා මේ වසරේ දී පමණක් විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇති මුළු මුදල රුපියල් බිලියන 50.219කි.

විදේශීය ආයෝජකයන් මිල දී ගත් සමාගම් අතර ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 26යි, ටෙක්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 04යි, බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 03ක් ද රිල් ප්‍රොපටි සමාගම සහ බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 02 බැගින් ද කොටස් මිල දී ගත් අතර විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ෆ්‍රී ඒකර් ෆාම් රුපියල් මිලියන 13යි, සීඅයිසී (X) රුපියල් මිලියන 10යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 08යි, සොෆ්ට් ලොජික් කැපිටල් රුපියල් මිලියන 06යි, සීඅයිසී සමාගම රුපියල් මිලියන 05යි ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ භාණ්ඩ හා සේවා අපනයන සමාගම් බොහොමයක 2022 වර්ෂයේ තෙවැනි කාර්තුව මේ මස 31 වැනි දිනයේ අවසන් වීමට නියමිත බැවින්, එකී සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ ආකර්ශනයක් ඇති වී ඇත.

රජය මගින් හඳුන්වා දී ඇති බදු සමා පනත මගින් කොටස් වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව 2021 දෙසැම්බර් 31 වැනි දින අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක වන ඉදිරි දින 17 තුළ දී එම සම්පූර්ණ මුදල් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට අයෝජකයන්ට අවස්ථාව සැළසී ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!